මධූෂ්ගේ කොළඹ ඝාතන සිදු කළ යතුරුපැදිකරු දැලේ


 

 

 

ඉන්දිකා රාමනායක

 

ප‍්‍රබල පාතාල සාමාජිකයන් වන මාකදුරේ මධුෂ් සහ මාලිගාවත්තේ  කංජිපානි ඉම්බ‍්‍රාන් නැමැත්තන් කොළඹ අවට ඝාතනය සඳහා ගන්නා දක්ෂ යතුරුපැදිකරු වැල්ලම්පිටිය  ගෝතමී මාවතේ දී  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මෙම සැකකරු එකම යතුරු පැදියෙන් පැදිකරු වශයෙන් ගොස් ඝාතන හතරක් සිදුකර ඇති බවද  උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ඉකුත්  මාර්තු මස 7 වැනි දින අලූත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඉදිරිපිට පොලිතීන් උරයක දමා ගොස් තිබු කොස්මල්ල නැමැත්තාගේ  හිස  මාතර සිට  අලූත්කඩේ උසාවිය දක්වා  යතුරුපැදිය පදවා රැගෙනවිත් ඇත්තේ මෙම සැකකරු බවද පොලිසිය කියයි.

මාර්තු 3 වැනි දා ආමර්විදියේ  මෝටර් රථයක් තුළදී මත්කුඩු ජාවාරම්කරුවෙක් වන  රාජ් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම,  ජුනි 7 වැනි දා  වෙරළබඩ පොලිස් වසමේ අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කිරීම, අගෝස්තු 3 වැනි දා පාතාල සාමාජියකු වන පුකුඩකන්නා නැමැත්තාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීම යන ඝාතන සදහා යතුරු පැදිකරු වශයෙන්  කටයුතු කර ඇත්තේ මෙම සැකකරු බවද පොලිසිය කියයි.

මෙම ඝාතන සඳහා යොදාගෙන ඇත්තේ නවීන පල්සර් වර්ගයේ යතුරුපැදියක් බවත් මෙම ඝාතන සඳහා භාවිතා කිරීමෙන් පසු එම යතුරුපැදිය වත්තල ඇලකන්ද ප‍්‍රදේශයේ  නිවස සඟවා තැබෙන බවද  සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේ දී හෙළි වු බවද පොලිසිය පවසයි.

21 හැවිරිදි මෙම සැකකරුගේ  මෝදර කුඩු සෙල්ව නමින් හදුන්වන කාන්තාවක් බවත් ඇය මීට වසර කිහිපයකට පෙර වෙඩි තබා ඝාතනය කර ඇති බවද පොලිසිය පවසයි.