මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති රිමාන්ඩ්


මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතාට පහර දීම සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියට බැන වැදී තර්ජන කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් කිත්සිරි අමරතුංග ලබන 6 වැනි දා තෙක් රිමන්ඩ් ගත කරන ලෙස මහනුවර  අතිරේක දිසා විනිසුරු සහ වැඩ බලන මහේස්ත්‍රාත් ඔගස්ටා පෙරේරා මහත්මිය නියෝග කළාය. මහනුවර පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කෙළේය. පහර කැමට ලක්වූ වෛද්‍යවරයා මහනුවර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි. මෙම පහර දීමට විරෝධය දක්වමින් මධ්‍යම පළාතේ සියලුම රෝහල්හි වෛද්‍යරු අද සේවයෙන් ඉවත්වූහ.