මධ්‍යම අධිවේගයේ සැපයුම් මාර්ගය අවහිර කරති


(පුෂ්පකුමාර ජයරත්න)

තම ඉල්ලීම් බලධාරීන් විසින් ඉටු නොකිරීමෙන් කෝපයට පත් මධ්‍යම අධීවේගී මාර්ගයට ඉඩම් අහිමිවූ කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව අද(27) මධ්‍යම අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය හේනමුල්ල ප්‍රදේශයෙන් කළුගල් වැටියක් යොදා අවහිර කළහ.

මේ හේතුවෙන් කුරුණෑගල මල්පිටියේ සිට ගැට්ටුවාන දක්වා වූ අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය සම්පූර්ණයෙන්ම රථවාහන ධාවනය සඳහා අවහිර විය.

අධිවේගී මාර්ගය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම වැළැක්වීමට එය කණු මත ඉදිකිරීම, අහිමිවන ඉඩම් සඳහා ඉක්මනින් සාධාරණ වන්දි ලබාදීම යන ඉල්ලීම් ඉටුකරනතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ඉඩ නොදෙන බව විරෝධතාකරුවෝ කියති.