මදුරෙයි-කටුනායක ගුවන් සේවයක්
අන්තර්ජාතික බෞද්ධ සරසවියක් පිහිටැවීමට බදාදා (19) සාංචියට යන මහින්ද රාජපක්ෂ ජනපතිගේ තමිල්නාඩු ගමනට විරෝධය පළකැරෙද්දී මදුරේ නගරයේ සිට සැප්තැම්බර් 20 වැනිදා සිට කටුනායකට පියාසර කිරීමට ”බජට් එයාර් ලයින්” සේවය සැරැසෙයි.
මදුරෙයි සිට පනස් දෙනකුගෙන් යුත් වෙළෙඳ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට එති. තමිල්නාඩුව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම වැඩිදියුණු කිරීමේ මංසෙවීම ගමනේ අරමුණ බව වෙළෙඳ සංගමයේ ජ්‍යෙෂ්ඨ සභාපති එස්. රත්නවේළු හා සභාපති එන්. ජෙගදීසන් කියති.
ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් මදුරෙයි නගරයට ද ගෙන්වා ගැනීමට මේ නියෝජිතයෝ උත්සාහ කරති.

