
(ප්‍රසාද් රුක්මල්)
මත්පෙති තොගයක් සමඟ බදුල්ල විහාරගොඩ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයා ලබන 17 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුජිත්ද සිල්වා මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ බදුල්ල මයිලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි බදුල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍ය තිලිණ ගජනායක (44) නැමති වෛද්‍ය වරයෙකි.
පස්සර ආගරතැන්න පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට බදුල්ල ප්‍රදේශයේ පාසල් සිසුන්ට තරුණ පිරිසට මත්පෙති හොර රහසේ මුදලට විකුණන බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් උපායදූතයකු යොදවා සිදු කළ වැටලීමකදී බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ දී මුදලට හොර රහසේ මත්පෙති විකිණීමේ දි සැකකාර වෛද්‍ය වරයා මෙසේ මත්පෙති 145ක් සමඟ අත්අඩංගුවට ගත්තේය.

