( රේඛා තරංගනී ෆොන්සේකා )
මොරටුව ප්‍රදේශයේ ජංගම මත්ද්‍රව්‍ය අලෙවිසැලක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු මත්පෙති 800ක් (24) අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
පිළිකා රෝගීන්ට වේදනා නාශකයක් ලෙස ලබාදෙන බව කියන මෙම පෙති විශේෂය වැඩි මාත්‍රාවක් ගැනීමෙන් මත් වෙන බව පොලිසිය පවසයි.
සාමාන්‍ය පුද්ගලයෙකු මෙම පෙති තුනක් ගැනීමෙන් මත් වෙන බවත් මෙයට ඇබ්බැහි වුවෙකු පෙති හතක් පමණ ගැනීමෙන් මත් වෙන බවත් පරික්ෂණවලදී හෙළි වු බව පොලිසිය කියයි.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව හොර පාරේ මෙම පෙති ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බව පොලිසිය කියයි.
එක පෙත්තක් රුපියල් 100කට පමණ අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.

