( චාන්දනී දිසානායක)
නීති විරෝධි ලෙස අලෙවිය සදහා මත්පෙති ළඟ තබාගෙන සිටි ඉබ්බාගමුව ප්‍රදේශයේ ඖෂධ හල් හිමි කරුවෙකු මත් පෙති තොගයක් ද සමඟ අත් අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.
අදාළ ඖෂධ හලෙහි මත්පෙති අලෙවි කරන බවට ගොකරැල්ල පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හර්ෂ මධුශාන් මහතාට ලබුණු තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා ඒ බව තහවුරු කර ගැනීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
2015 අංක 05 දරණ ඖෂධ නියාමන අධිකාරි පනතේ 132 වන වන්ගන්තිය යටතේ මෙම අත් අඩංගුවට ගැනීම කළ බවත් එහිදී හතලිස් අට හැවිරිදි පුද්ගලයෙකු සමඟ ඇපල් නමැති මෙම මත්පෙති 50ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (20) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.