(නිමන්ති රණසිංහ)
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය , කුඩු ජාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අදාල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරියෙක් අද (07) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙම සිද්ධියට අදාලව රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මෙහි ප්‍රධාන සැකකරුවෙකුව සිටි පොලිසියට භාර වූ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර යන අය ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 7 ක ද රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇතිබව ද පොලිසිය පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

