(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පැවත් වු විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු එම බලකායේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකා ආරංචිමාර්ග පවසයි ..
කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමග (29) හැවිරිදි සැකකරුවෙක් රාජගිරිය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් හෙළි වූ තොරතුරු අනුව ඔහුට මත්කුඩු දුන් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ බව විශේෂ කාර්ය බලකාය පවසයි .
එම තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරු මාර්ගයෙන් ඉහත පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති අතර එසේ පැමිණි සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු බවට හෙළි කරගෙන ඇත
රාජගිරියට පැමිණ සිටි සැකකාර සැරයන් වැටලීමට එක් ව සිටි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දැක පළාගොස් ඇති අතර නිලධාරීන් සැකකරු පසුපස හඹාගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේම සේවය කරන සැරයන්වරයකු බවට හදුනා ගත් බව විශේෂ කාර්ය බලකා මාර්ග පවසයි .
අත්අඩංගුවට ගත් සැරයන් ද වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.

