
(ඉන්දිකා රාමනායක)
විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාදීම සඳහා පොලිස් මූලස්ථානය විසින් අද (28) සිට විශේෂ විද්‍යුත් තැපැල් ලිපින දෙකක් සහ ෆැක්ස් අංකයක් හඳුන්වා දී ඇත.
විෂ මත්ද්‍රව්‍ය වල සංවිධානාත්මක අපරාධ කල්ලි සහ සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට ලබාදුන් අංක 1997 - 1917 දුරකථන අංකයට සමගාමීව [email protected] , [email protected] යන විද්‍යුත් තැපැල් ලිපින හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වත්කම් සහ මුදල් විශුද්ධිකරණ පද්ධතිය යටතේ සිදුකරනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් මෙම විද්‍යුත් ලිපින ඔස්සේ තොරතුරු ලබා දිය හැකි බවද ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මිට අමතරව 0112 - 440440 යන ෆැක්ස් අංකයට සහ පොලිස්පති , පොලිස්පති මාණ්ඩලික නිලධාරී, පොලිස් මූලස්ථානය , කොළඹ යන ලිපිනය ඔස්සේ ලිඛිතව මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

