
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය බගතලේ පාරේ පිහිටි නවාතැන් පොලක දී මත්ද්‍රව්‍ය අඩංගු එල්.එස්.ඩී.මුද්දර 3150 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකළ බව ඒ මහතා සඳහන් කළේය.
මෙම මත් මුද්දර මත්ද්‍රව්‍ය යොදා කෘතිමව සකස් කළ ඒවා බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවත්ත කෝකිල පාරේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයෙකි.
සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

