මත් ජාවාරම් සමග සබදතා තිබු පුද්ගලයකුගේ මිලියන 30 ක ගිණුම් තහනම්


(දසුන් රාජපක්ෂ )

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 30ක බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ එම ගිණුම තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

වසරක පමණ කාලයක සිට අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුමට අසීමිත ලෙස මුදල් සංසරණය වීම හේතුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට  මිනුවන්ගොඩ පොලිසියට කැඳවූ එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මිනුවන්ගොඩ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

එම පුද්ගලයා ගෙන් ප්‍රශ්න කිරීමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම මගින් සිය  ගිණුමට මුදල් තැන්පත් වී ඇති බවට ඔහු ප්‍රකාශයක් ලබා දී ඇති බව අනාවරණය වී තිබුණි .

එම පාපොච්චාරණයේ දී විදේශ රටවල සිට ක්‍රියාත්මක වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග කළ ගනුදෙනු වලින් මෙම මුදල් ලැබුණු බව එම පුද්ගලයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණු බව පොලිස් මූලස්ථානය කියයි.