විනය ප්‍රශ්නයක් මත යැයි කියමින් තනතුරින් ඉවත් කැරුණු නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ මණ්ඩපාධිපති වර්නකුලේන්ද්‍ර මහතා නැවත එම තනතුරට පත් කරන ලෙස ඉල්ලමින් ලංකා ජාතික ශිෂ්‍ය සංගමය අද කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසළ සිට වෝඩ් පෙදෙස් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පාගමනක් ගියහ.
ප්‍රතිපාදන කොමිසම අසළ දී සිසුහු සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක් පැවැත්වූහ. ප්‍රතිපාදන කොමිසම අසල ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබ තිබිණි.








