මඩකලපුව නගර මුස්ලිම් වෙළඳ සංගමයේ සභාපතිගේ නිවසට ඊයේ (19) අලුයම 12.15 පමණ කළුතෙල් ප්‍රහාරයක් එල්ල කර ඇත.
හර්තල් නොපවත්වා කඩ විවෘත කරන ලෙසට පෙරේදා (18) රාත්‍රි 11.30 ට පමණ ඔහුගේ ප්‍රධාන වෙළද සංගමයේ ව්‍යාපාරිකයින්ට ජංගම දුරකතන කෙටි පණිවිඩයක් යැවීමෙන් පසු එම්.කේ.එම්.කලීල් යන මෙම ව්‍යාපාරිකයාගේ කාත්තන්කුඩි 4,විදුලි බල මණ්ඩල පටු මගේ ඇති නිවසට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මේ බව කාත්තන්කුඩි පොලිසියට පැමිණීල්ල කර ඇති අතර පොලිසිය පරික්ෂණ පවත්වනු ලබයි.

