මඩකලපුවේ කොල්ලකරුවන් පොලොන්නරුවෙන් අල්ලයි


මඩකලපුවෙන් කොල්ල කෑ මුදල් හා රන් භාණ්ඩවලින් කොටසක් සැකකරුවන් හතර දෙනකු සමග පොළොන්නරුව පොලීසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

ගෙහිමියාට පහර දී  බරපතල තුවාල සිදු කර රුපියල් දහතුන් ලක්ෂයක පමණ මුදල් ද පැහැර ගෙන ගිය පිරිස ගමන් ගත් වෑන් රිය පොලොන්නරුව පොලීසියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි නිලධරයන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.