( තිළිණි ද සිල්වා )
මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටී.
ඒ සදහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පලව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
මෙරට ඉන්දිය මහා කොමසාරිස් තරංජිත් සිං මහතා සහ තමා අතර පැවති සාකච්ඡාවකදි මේ සම්බන්ධයෙන් අවධානය යොමු වු බව රණතුංග මහතා කියා සිටී.
මඩකලපුව ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස දියුණු කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග හා එම ගුවන් තොටුපලේ දියුණු කළ යුතු අංශ පිළිබද වාර්තාවක් අමාත්‍යවරයා දැනටමත් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලා ඇත.
ඉන්දියානු රජය සිය ගුවන් ගමන් සේවා මඩකලපුව ගුවන් තොටුපළ දක්වා ද සිදු කිරීමට කැමැත්තෙන් සිටින බව ඇමතිවරයා කියා සිටියේ ය.
දැනට ඉන්දීය ගුවන් ගමන් කටුනායකට හා යාපනය පලාලි ගුවන් තොටුපල දක්වා සිදුකෙරේ.
මඩකලපුව ගුවන්තොටුපල 1958 දි සිවිල් ගුවන් සේවා දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කරන ලද්දකි. රටේ පැවති වාතාවරණය අනුව 1983 මාර්තු 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගුවන් තොටුපල භාරගෙන ඇති අතර පසුව එය ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් කදවුරක් ලෙස ද පවත්වාගෙන ගියේ ය.
2018 වසරේ මාර්තු 25 වන දින මෙය නැවත සිවිල් ගුවන් සේවා කටයුතු සදහා විවෘත කෙරුණු මෙම ගුවන්තොටුපළේ දැනට දිනපතා පෙ.ව 08.00 සිට සවස 06.00 දක්වා දිනපතා අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ්‍ය සදහන් කරයි.

