මට විරුද්ධව කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ කොළඹින් - විග්නේශ්වරන්


(රොමේෂ් මධුෂංඛ)

තමන්ට එරෙහිව කොළඹ සිට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ප්‍රධාන අමාත්‍ය වරයාට එරෙහිව භාර දී ඇති විශ්වාශ භංගයට විරෝධය පාමින් යාපනයේ වැසියන් පිරිසක් විරෝධතා පා ගමනින් උතුරු මහඇමතිවරයාගේ නිල නිවසට පැමිණි අවස්ථාවේදී විරෝධතාකරුවන් අමතමිනි.

‘සිදුවී ඇති සියල්ල එම කුමන්ත්‍රණය නිසා සිදුව ඇති බවත් කුමන්ත්‍රණය කළ පුද්ගලයින් ගැන පැවසීමට අකමැති බවත් ඒ මහතා කියයි.

“අමාත්‍යවරුන් සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් නිකුත් කෙරෙන බව ඒ අය දැනගෙන හිටියා.ඒ වාර්තාවෙන් කියැවෙන කරුණු අනුව මට ක්‍රියාමාර්ග ගන්න වෙනවා.ඒකෙදි කුමන පියවර ගත්තත් කුමන්ත්‍රණකරුවන් එහි වාසිය ගන්න තමයි සැලසුම් කරල තිබුණේ.වැරදි කරුවන් රැක ගන්නවා කියල හෝ වැරදිකරුවන්ට දඩුවම් දුන්නා කියලා මට එරෙහිව පියවර ගන්න තමයි ඔවුන් සැලසුම් කළේ.“

“අනික මේ වගේ විමර්ශනයක් කරන්න ඕන කියලා කිව්වෙත් අපේම පක්ෂයේ කට්ටිය.ඒ හින්ද තමයි අපි කමිටුවක් පත් කරල විමර්ශනය කරේ.මේ සම්බන්ධයෙන් අපි හරියට කටයුතු නොකළනම් මෙවන් ගැටළු දිගටම ඇතිවෙනවා“යැයි මහ ඇමතිවරයා ප්‍රකාශ කරයි.