කරුවලගස්වැව ඉපලෝගම රක්ෂිතයෙන් මඟුල් කරඳ ගස් ගැලවු බව කියන එකොළොස් දෙනෙක් අඩවි වන නිලධරයන් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.
උයන්වතු හෝ මග දෙපස සිටුවීම සඳහා මෙම ගස් ගලවා ඇති බව වැටලීම කළ පුත්තලම අඩවි වන නිලධරයෝ කියති.
අඩු ගණනේ මෙවැනි ගසක් රුපියල් පන්දහසකට පමණ විකුණතියි කියති.






