මගේ අරමුණ සොයාගත හැක්කේ කුසපත් ඇදීමෙන් පසුවයි


ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී තමන්ට නිශ්චිත අරමුණකට යාහැකි වන්නේ තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩකයන්ගේ කුසපත් ඇදීමෙන් පසුව බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ‘ලංකාදීපයට’ පැවසීය. එතෙක් පුහුණුවීම්වල නිරතවෙමින් ක‍්‍රීඩා උළෙලට සුදානම් වන බව ඔහු වැඩි දුරටත් පවසයි. නිලූක පවසන්නේ සිය ක‍්‍රීඩා දිවියේ වැදගත්ම ස්ථානයට දැන් තමන් පිවිස ඇති බවත්, එමගින් ක‍්‍රීඩා උළෙලට සහභාගිවී දස්කම් අතරට එමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට තමන් කැපවෙන බවයි. බැඞ්මින්ටන් ලෝක සම්මේලනය විසින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට නිලූක සුදුසුකම් ලබා ඇතැයි නිල වශයෙන් පසුගියදා ප‍්‍රකාශයට පත් කරන ලදී. ”තරගකාරීත්වය ඉහළයි. ජයග‍්‍රහණය ලබා මගේ රටට කීර්තිය ගෙන දීමයි එකම අරමුණ. එම අරමුණට යෑමේ ඉලක්කය හඳුනා ගන්න හැකි වෙන්නේ තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩකයන්ගේ කුසපත් ඇදීමෙන් පසුව යැයි” නිලූක පැවසීය. ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත (ක‍්‍රීඩක) කිරීමේදී 47 වැනි ස්ථානයේ සිටින නිලූක මේ මස 17 වැනිදා ස්පාක්‍ඳ්ක්‍ඳයේදී ආරම්භවන අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි.