මගීන්ට ප්‍රවේශපත්‍ර නොදුන් කොන්ස්තදොස්තරවරුන් 223දෙනෙකු දැලේ


(මහින්ද නිශ්ශංක)
 
මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ කොන්දොස්තර 223 දෙනෙකු බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අද(27) බාරයට ගෙන ඇත.
 
මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්ය කර තිබියදී ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ මෙම කොන්දොස්කරවරුන් 223දෙනාට රුපියල් 250 බැගින් දඩ නියම කර ඔවුන්ව එක්දින පුහුණු වැඩමුළුවකට යොමුකරවන බව අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) කුමාර විජය රත්නායක මහතා පැවසීය.