මගියා ගුවන් නියමුවාගේ අත කඩයි


ඉතාලියේ ෆියුම්න්චිනෝ  ගුවන් තොටුළේ සිට ග්‍රීසියේ කර්පාතොස් ගුවන් තොටුපොළ දක්වා 9 වැනි දා උදෑසන 10.05 පියාසර කිරීමට තිබූ ගුවන් යානය පැය පහක් ප්‍රමාද වී යැයි කෝපයට පත් මගියෙක් ප්‍රධාන ගුවන් නියමුවාට පහර දුන්නේය. ඔහු රෝමයේ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය. බ්ලූ පැනෝරාමා ගුවන් සේවයට අයත් 2466 ගුවන් යානයේ නියමුවාගේ වම් අතේ මැණික් කටුව පිපිරී ඇති හෙයින් දින පහකට වැඩි කලක් ඔහුට රෝහල් ගත වී සිටීමට සිදු වනු ඇතැයි වෛදවරු පවසති. පහරදුන් මගියා පොලිස් අත්අඩංගුවට පත් විය. වෙනත් නියමුවෙක් ගුවන් යානය බාර ගත්තේය.