මග මරුවා තවත් පහක් රැගෙන යයි.
උදෑසන පහට අවසන් වූ විසි හතර පැයේදී මගීන් දෙදෙනකු, යතුරුපැදි කරුවන් දෙදෙනකු සහ රියදුරකු අනතුරුවලින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. අගුණුකොළපැලැස්ස, කුරුණෑගල, සපුගස්කන්ද, හුංගම සහ මාදම්පේ දී මෙම අනතුරු සිදුව ඇත.

