(කලීජ් ටයිම්ස් ඇසුරෙනි)
ආගමික හා වන්දනාමාන කටයුතු සඳහා විදේශිකයින්ට සෞදි අරාබියාවේ මක්කම ඇතුළු ඉස්ලාමීය සිද්ධස්ථාන වෙත පැමිණිමට ලබාදී තිබූ අවස්ථාව තාවකාලිකව අත්හිටුවිමට අරාබියානු රජය තීරණය කර ඇත.
ලොව පුරා රටවල් රැසක නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉස්ලාමිය බැතිමතුන් මිලියන ගණනක් මක්කම මෙදිනා ඇතුළු සිද්ධස්ථාන වන්දනාමාන කිරිමට සෞදි අරාබියට පැමිණෙන බව සඳහන්වේ.
කෙසේවෙතත් ලබන ජුනි මස අගදී ඇරඹෙන හජ් වන්දනා සමයට මෙම තාවකාලික තහනමෙන් බලපෑමක් එල්ල වන්නේ ද යන්න පිළිබඳ සෞදි රජය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

