මංජුල තිලකරත්නට ගැසූවන් තාම නිදැල්ලේ
අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගල්කිස්සේ දී පහරදුන් මැරයන් මෙතෙක් අල්ලා නොගත් බව පොලිසිය අධිකරණයට අද ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය පොලිසියට පැවැසුවේ කඩිනමින් පරීක්‍ෂණය පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. සහකාර පොලිස් අධිකාරී ධර්මදාස පතිරණ මහතා පැවැසුවේ මැරයන් ආ බව කියන වර්ගයේ රිය 450ක් පමණ පිරික්සූ බවයි.
එදින හුවමාරු වූ දුරකතන ඇමැතුම් පිළිබඳ වාර්තා දුරකතන සමාගම් වලින් නොලැබුණු බව ද ඔහු කීවේය.
දෙසැම්බර් 13 වැනිදාට පරීක්‍ෂණ කල් තැබිණි.

