මංජු බැන්ටම් බර පන්තියේ ජාතික ශූරතාව නැවතත් හිමි කර ගනී.


ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ 56 කිලෝග‍්‍රෑම් 56 ට අඩු බැන්ටම් බර පංතියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ස්ලීම් ලයින් ක‍්‍රීඩා සමාජයේ මංජු වන්නිආරච්චි සමත් විය. අවසන් තරගයේදී යුධ හමුදා කී‍්‍රඩක හා පසුගිය වසරේ එම බර පන්තියේ ශූරයා වු ආර්.ටී. වීරක්කොඩි ලකුණු 21ට 14කින් පරදා මංජු නැවතත් බැන්ටම් බර පංතියේ ජාතික ශූරතාව හිමි කර ගත්තේය. තහනම් උත්තේජක චෝදනාවට ලක් වෙමින් වසර දෙකක කාලයක් තරග තහනමකට ලක් ව සිටි මංජු නැවතත් මෙම තරගාවලියට සහභාගි වෙමින් බොක්සිං කී‍්‍රඩාවට පැමිණියේය. මෙම තරගාවලියේපියේ අවසන් තරග අද මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි පැවැත්විණි.