මංගල සමගි ජනබලවේගයෙන් ඉවත්ව නොමැති බව පක්ෂ මහලේකම් කියයි


(නිමල කොඩිතුවක්කු)

මහ මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත් වීමට මාතර දිස්ත්‍රික් අපේක්ෂක මංගල සමරවීර මහතා ගත් තීරණය ඒ මහතා ගේ පෞද්ගලික තීරණයක් බවත් ඒ මහතා කිසි විටෙකත් සමගි ජන බලවේගයෙන් ඉවත්ව නොමැති බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (10) පැවසීය.

ඉදිරි මහ මැතිවරණය සහ අනෙකුත් දේශපාලන කටයුතු වෙනුවෙන් ඔහුගේ සම්පූර්ණ සහයෝගය සමගි ජන බලවේගය වෙත ලැබෙන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති සමගි ජනබලවේගයේ අපේක්ෂක හමුවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මාධයවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයගහණය වෙනුවෙන් මංගල සමරවීර මහතාගේ සම්පූර්ණ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.