මංගල මීටර 10 වායු පිස්තෝල ඉසව්වෙන් 45 වැනියා


ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 10 වායු පිස්තෝල ඉසව්වට (පිරිමි) අද (30) සහභාගි වු ශ්‍රී ලංකා ක‍්‍රීඩක මංගල සමරකෝන් 45 වැනි ස්ථානය ලැබීය. එම ඉසව්වේ රන් පදක්කම රුමේනියාව ද, රිදී පදක්කම ඉතාලිය සහ ලෝකඩ පදක්කම ඉන්දියාව ද දිනා ගත්තේය. මංගල, එහිදී ලකුණු 583 ක් ලබා අන්තර්ජාතික තරගයකදී සිය හොඳම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත්විය.