ශී‍්‍ර ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් ක්වාසිම් කුරේෂි හා නව විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා අතර හමුවක් විදේශ අමාත්‍යංශයේදී පැවැත්විණි.
හමුවේදී ශී‍්‍ර ලංකාව හා පකිස්තානය අතර ආර්ථික,ආයෝජන,හා වෙළද අංශ වලින් නව ද්විපාර්ශවීය සබදතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.
දෙරට අතර දැනට පවතින සබදතා දිගටම පවත්වාගැනීමට හා ඒවා තව දුරටත් වර්ධනය කර ගැනීමට ඇති අවස්ථා සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණි.
ඉතාම බරපතල අවස්ථාවලදී පකිස්තානය ශී‍්‍රලංකාවේ සහයට සිටි බව පැවසූ විදේශ අමාත්‍යයවරයා ඒ සම්බන්ධයෙන් ශී‍්‍රලංකාවේ ස්තූතිය පකිස්තානයට හිමිවන බව කියා සිටියේය.
කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් පකිස්තානය ගනිමින් සිටින පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුම්වත් කිරීමටද පකිස්තාන මහකොමසාරිස්වරයා කටයුතු කළේය.
නව රජයේ අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් හමුවීමට පසුගිය සතිය මුලූල්ලේම විවිධ රටවල දූත කණ්ඩායම් හා තානාපතිවරුන් පැමිණි අතර වෙළද අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවීමට පැමිණි ජපාන දුූත පිරිසත්,ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා හමුවීමට පැමිණි ජර්මන් දුත පිරිසත් ඔවුන් අතරින් ප‍්‍රධාන විය.

