භූමි කම්පාවෙන් දුපතක් උපදී


පාකිස්තානයේ පසුගියදා සිදුවූ  මාරක භූමිකම්පාව අලූත්ම දුපතක් බිහි වී  ඇත.දකුණු පාකිස්තාන වෙරළේ මෙම දුපත දැකිය හැක.පසුගිය 24 වැනිදා රිට්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමී කම්පාවක් හට ගත්තේය.

මෙම නව ගොඩබිම මතුව ඇත්තේ පකිස්තානයේ බලූකිස්තානය ආශි‍්‍රත මුහුදු පතුලේ කොටසක් ඉහළට එසවීය.භූමිකම්පාවේ ප‍්‍රබලතාවය නිසා මෙවැන්නක් සිදුවන්නට ඇතැයි භූ විද්‍යාඥයෝ කියති.

ගොඩබිම දිගින් අඩි 250 ක් පමණ වන අතර පළලින් අඩි 100 ක් හා උසින් අඩි 60 ක් පමණ වන්නකි.

මතුපිට මුහුදු පතුලේ තිබූ පාෂාණ ආදිය හදුනාගත හැකියි.ගොඩබිම  නැරඹිමට එන්නවුන් මේවා ස්මාරක ලෙස රැගෙන යමින් සිටින බව කියැවේ.ගොඩබිම මතුපිටින් ගිනි ඇවිලෙන සුළු වායුවක්ද උත්පාදනය වන බව පැවසේ.ගොඩබිම නැරඹිමට පැමිණි සමහර දෙනා ගොඩබිම මත සිට දුම්වැටි දැල්වීමට උත්සාහ කිරීමේදී ඒවා ගිනි ගෙන දැවී යයි.

කෙසේ වුවත් බළධාරීන් කියන්නේ ගොඩබිම වැඩිකල් පවතිනු නැති බවයි.එය නැවතත් මුහුදටම ගිලා බසී යැයි ඔවුන්ගේ අදහසයි.

භූමිකම්පාවේ බලපෑම නිසා මුහුදු පත්ලේ මඩ උඩට විසිවී ටෙනිස් පිටියක් තරම් වූ මේ දූපත බිහිවන්නට ඇතැයි පාකිස්තාන නාවික හමුදා භූ විද්‍යාඥ මොහොමඩ් ඩෙනිෂ් කියයි.

මෙවැනි ස්කන්ධ ඇතිවනුයේ පොළොවේ පසෙහි තද වී පැවති වායු වලින් මඩ උඩට විදීම නිසා යැයි පාකිස්තාන ජාතික භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ෂහිඩ් රාෆි කියයි.

මෙවැනි දූපත් බොහෝ කලක් තිබිය හැකි යැයි ද, එහි සංයුතිය අනුව අවසානයේ දී එය මූදේම ගිලී යන්නට ඉඩ ඇතැයි ද ඔහු කියයි.

මෙම දූපතෙන් භයානක ගෑස් විහිදෙන නිසා එහි නොයන ලෙස ඔහු මහජනයාට අවවාද කරයි.

දූපතේ පස් ශක්තිමත් නමුත් වායු බුබුළු මතුවන බවත් ඔහු කියයි.

මළ මසුන් එමි සිටි බවත් 1999 හා 2010 දී භූමි කම්පාවලින් මෙවැනිම දූපත් මතු වූ බවත් ඔහු පවසයි.