භු විද්‍යා කාර්යාංශයේ බලපත් හොරට හැදු අයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් පස් සහ වැලි ප්‍රවාහනය සඳහා නිකුත් කරනු ලබන  බලපත්‍ර කූඨ ලෙස  සකස් කරන ස්ථානයක් වේයන්ගොඩදී වටලා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සමඟ පරිගණක දෙකක්,මුද්‍රණ යන්ත්‍ර,ස්කෑන්  යන්ත්‍ර ව්‍යාජ රබර් මුද්‍රා 49 ව්‍යාජ බලපත්‍ර 63 රබර් මුද්‍ර සකස් කරන යන්ත්‍රයක් මෙලෙස සොයාගෙන තිබේ.