භික්‍ෂු වෙසින් දඹදිව යන්න සල්ලි ගරලා


යුද හමුදාවෙන් පැන අවුත් බාලවයස්කාර මල්ලීට ද සිවුරු අන්දවා බාප්පා දායකයකු කරගනිමින් දඹදිව යන බව කියා සම්මාදම් එකතු කළ බව කියන එක පවුලේ පිරිසක් නිකවැරටියේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වැලිකන්දේ දොඩන්දුව පදිංචිකරුවන් වන මොවුන් මහව හෝටලයක නවාතැන් ගෙක භික්‍ෂු වෙසින්  පිංපත්තර විකුණා ආධාර එකතු කර ඇතැයි පොලිසිය පවසයි.