භික්ෂුන්ට අපහාස කරන මැති ඇමැතිලා ගැන පියවර ගන්නැයි ඉල්ලයි


(නිමල කොඩිතුවක්කු)

භික්ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් ප‍්‍රකාශ සිදු කරන රජයේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසට රජයට බලකර සිටින බව මවුබිම සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹදී පැවසූහ.

භික්ෂුන් වහන්සේලාට  සහ රටට එරෙහි බලවේග වලට එරෙහිව නැගී සිටින ලෙසට මහා  මහාසංඝරත්නයෙන් ආයාචනා කර සිටින බවද උන්වහන්සේ අවධාරණය කළහ.

නාරාහේන්පිට අභයාරාමයේ අද (14) මවුබිම සුරුකීමේ ජාතික සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

භික්ෂුන් වහන්සේලාට මෙහෙම ගරහපු යුගයක් ඉතිහාසයේ තිබිලා නැහැ. මේ රට කරවන නායකයො ඒ සම්බන්ධයෙන් තවදුරටත් නිහඩ පිළිවතක් අනුගමනය කරනවා. මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ පවත්නා තත්ත්වයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම  වර්තමාන පාලකයන්ටත්  ඔවුන්ගේ අනුගාමිකයන්ටත් ලොකු වේදනාවක් බවට පත්ව තිබෙනවා.

තවදුරටත් භික්ෂුන් වහන්සේට ගරහනවනම් භික්ෂුන් වහන්සේට අපහස කරනවනම් දැන් අපි ඉවසුවා ඇති. මේ දුරදාන්ත පාලනය ඉක්මනින්ම ඉවර කරේ නැත්නම් තවදුරටත් අපිට රටක් ජාතියක් ඉතුරු වෙන්නෙ නැහැ.

අපි මේ රටේ මහා සංඝරත්නයට ආයාචනා කරනවා. දැන් ඔබ වහන්සේ වළඳ වළඳ සැතපී සැතපී හිටියා ඇති. දැන්වත් මෙච්චර විපත්තියක්  ආපු වෙළාවකදීවත් ඔබ වහන්සේ අපිත් එක්ක එන්න ඉදිරියට කියලා.  ඉදිරියට  ගිහින් මේ බලවේග නැති කරලා රට ඉදිරියට ගෙනියන්න මැදිහත් වෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.