භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන් පස් දෙනකු ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

මංජුල ප්‍රසාද් හෙට්ටිආරච්චි, කේ ඒ ලංකා රසාංග, ඩබ් ඒ මාලක සංජීව, තරිඳු අසංග සහ ආර් ගාමිණී රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් පන් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හරින ලෙසත්, ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

2011 ඔත්තෝබර් 08 වැනිදා පළාත් පාලන ඡන්දයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමෙන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් වෙඩි වැදී මරුමුවට පත් වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද වෙඩි වැදී තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබයි.