භාරත ඝාතනයේ වීඩියෝව නීතිපතිට


ජනාධිපති වෘත්තිය සමිති උපදේශක භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්වූ ස්ථානයේ වීඩියෝ පට නීතිපතිට ඉදිරිපත් කළ බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතාට දැන්වීය. එම වීඩියෝ පට ගැන තම අදහස් හා නිරීක්‍ෂණ ඉක්මණින්ම ලබාදෙන බව නීතිපති පැවසී යැයි රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර මහතා උසාවියට දැන්වීය. ඒ අනුව සැකකරුවෝ ඔත්තෝබර් දෙවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.