භාණ්ඩාගාර ලේකම් සාක්කියට


රුපියල් කෝටි 39900 ක වැටි බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු දේශීය ආදායම් කොමසාරිස් අගම්පෙඩිගේ ඤණසිරි ද සොයිසාට එරෙහි නඩුවේ සාක්කියට භාණ්ඩාගාර ලේකම් අචාර්ය පී.බී. ජයසුන්දර ලබන 23 වැනි දා කැඳවන ලෙස කුමුදිනී වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. දේශීය ආදායම් කොමසාරිස් ඒ.ඒ.  විජේපාල මහතා ලබන 24වැනි දා සාක්කියට කැඳවන ලෙසද නියෝග කැරිණි. ඔවුන් නියෝජනය කරමින් පැමිණ සිටි දෙදෙනාගේ සාක්කියෙන් වැඩක් නැතැයි විත්තියේ නීතිඥ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කීවේය. සොයිසා හැර  සෙසු සැකකරුවෝ මීට කලින් වරද පිළිගත්හ. ඒ අනුව ඔවුනට සිර දඬුවම් හා දඩ නියම විය.