බෝම්බකරු යළි රිමාන්ඞ්
මරාගෙන මැරෙන බෝම්බයකින 2006 දී හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මරා දැමීමට තැත් කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටි ෂන්මුගලිංගම් සුරියකුමාර් ලබන 30 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය.
හය වසරක් පුරා රිමාන්ඞ් භාරයේ සිටින මේ සැකකරුට එරෙහිව ගත යුතු පියවර ගැන කිහිපවරක්ම නීතිපති උපදෙස් ගෙන ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
කොළඹ යුදහමුදා මුලස්ථානයේදී එල්ලවූ මේ ප‍්‍රහාරයෙන් ෆොන්සේකා බරපතල තුවාල ලැබීය. 11 දෙනෙක් මරුමුවට පත්වූහ.

