සිදුහත් කුමාරයා බුද්ධත්වයට ලැබූ බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධිය ළඟද අද අලුයම බෝම්බයක් පිපිරී ගිය බව මගධ නියෝජ්‍ය පොලිස්පති නායර් හුස්නේඛාන් කියයි.
මහාබෝධි විහාරය සංකීර්ණයේ බෝම්බ හතරක් ද, කර්මාපා ටිබෙට් පන්සලේ බෝම්බ තුනක් ද, අඩි අසූවක් උස බුද්ධ ප්‍රතිමාව අසළ බස් නැවතුම්පොළක තව එකක් ද පිපිරී ගිය බව ඔහු පවසයි.
එක් බෝම්බයකින් විහාර ගෙයි බුදු පිළිමයේ පාදයකට හානි සිදුවී ඇතැයි ද ඔහු කියයි.
අද අලුයම 5.30ත් 5.58ත් අතර සැර අඩු මෙම බෝම්බ වැල පුපුරවා ඇතැයි ද පොලිසිය කියයි.
පිපිරී නොගිය බෝම්බ දෙකක් පසුව පුහු කර දැමිණි.