බෝට්ටුවෙන් නවසීලන්තයට යන්න හැදූ 28කට වැඩ වරදී


(ටෝනි කරුණානායක)

නිතීවිරෝධී ලෙස බෝට්ටුවෙන් නවසීලන්තය බලා යමින් සිටි මඩකලපුවේ 28 දෙනකු ඉන්දූනිසියාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ආපසු ලංකාවට හරවා එවා ඇත.

ලංකාවට පැමිණීමෙන් පසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදි සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියෝග කළාය.

ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතියා විය යුතු බවටද ඇප කොන්දේසි නියම කෙරිණ.සැකකරුවන්ට පෙබරවාරි 06 වැනි දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණ.