බොරු සිඅයිඩීකරු රිමාන්ඞ්


රහස් පොලිසියේ බව කියමින් වවුනියාවේ සිට කොළඹ ආ ගොවියකුගේ රුපියල් තුන් දාහක් කොල්ලකෑ බොරු සී අයි ඩී කාරයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 22 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. නිට්ටඹුවේ එන්.ඒ. සෙනරත් නම් වන මොහු රහස් පොලිසියේ බව කියමින් ඔහුගේ ඉන ඉහ අතගාගත් බවත් ඔහු ගැන සැක සිතු මගීන් පිරිසක් ඔහු පොලිසියට අල්ලා දී ඇති බවත් උසාවියේදී කියැවිණි. ගොවියාගෙන් කොල්ලකෑ මුදල් ද සොයාගෙන ඇත.