බොරු සාක්කි දුන් උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ්


(ටෝනි කරුණානායක)

බොරු සාක්ෂි ලබාදුන්නැයි කියන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන ලද උප පොලිස් පරීක්ෂකවරයා ලබන 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස බාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (04) නියම කළේය.

බන්ධනාගාර ගතව සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා  සමඟ එක්ව විමර්ශනයක් සඳහා මෙම උප පොලිස් පරීක්ෂකවරයා මෙලෙස බොරු සාක්ෂි ලබාදී තිබේ.

මරණ දඬුවම් නියම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට අයත් බව කියමින්,කලගෙඩිහේන ප්‍රදේශයේ නිවසක දරමඬුවක සගවා තිබූ ගිනි අවි තොගයක් අත්අඩංගුවට ගෙන බොරු සාක්ෂි ඉදිරිපත් කර අධිකරණය නොමග හැරීම සඳහා  සැකකරු සම්බන්ධ වී ඇති බවට පරීක්ෂණවලදි අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

ශානි අබේසේකර මහතා ඉකුත් 31වෙනිදා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එම සැකකරුව ලබන 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.