බොරු මඟුලේ මනාලිය රිමාන්ඩ්
ලන්ඩනයේ පදිංචි වී සිටීම සඳහා බොරු විවාහයක් කැර ගන්නට සැරැසෙද්දී විවාහ ලේකම් කාර්යාලයට කඩා වැදුණු ලන්ඩනයේ දේශසීමා ඒජන්සිය විජේකෝන් මුදියන්සේලාගේ අචලා උදේශිකා බණ්ඩාර (24) නම් තරුණිය අත්අඩංගුවට ගත්තේය. ඇය රිමාන්ඞ් කළ විනිසුරු වීඩියෝ මගින් යලි උසාවියේ පෙනී සිටින ලෙස ඇයට නියෝග කලේය.
‘මනාලයා’ හා සාක්කිකරුවෝ දෙදෙනා ඇප මත මුදාහරිනු ලැබූහ.
එංගලන්තයේ නතරවීම සඳහා මෙවැනි බොරු විවාහ කැරගනිතියි එරට දේශසීමා ඒජන්සිය කියයි.

