බොරු පොලිස් තිදෙනා රිමාන්ඩ්
පොලිස් වෙස් ගෙන ගාලු මුවදොර දී පිරිසකගෙන් මුදල් හා ජංගම දුරකථන පැහැරගෙන පලායන්නට තැත්කළ බව කියන තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. යක්කල සම්පත් පතිරණ, ගම්පහ කසුන් රුක්මල් දිසානායක හා දමත් ප්‍රසන්න ඔවුහුය.

