බොරැල්ලේ ආගමික ස්ථානයකට ගල් ප්‍රහාරයක්


බොරැල්ල හරස් පාරේ ආගමික මධ්‍යස්ථානයකට සෙනසුරාදා රාත්‍රියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

එහි තිබූ වීදුරු ජනෙල්වලට ගල් ප්‍රහාරය හේතුවෙන් හානි සිදුවී ඇතැයි කියති. ආගමික කටයුතු සඳහා පැමිණි පිරිසක් එම අවස්ථාවේ එහි සිට ඇතැයි පොලිසිය පවසයි.

අවට ගොඩනැගිලිවල සීසීටීවී කැමරා දර්ශන අනුව පරීක්ෂණ පවත්වන බවත් පුද්ගලික ආරවුලක් සිද්ධියට හේතුවන්නට ඇති බවටත් පොලිසිය සඳහන් කරයි.