බොරැල්ල රථවාහන පොලිස් ස්ථානාධිපති යළි රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ලඝු ලේඛකයා සන්තකයේ  තිබු රුපියල් පනස්පන් දහසක ක රත්‍රරන් හා අකුණු සන්නායකයක් සොරා ගත්තැයි කියන සිද්ධියකට අදාළව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගමගේ සංජිව ධම්මික රාජපක්ෂ 16 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (7) නියෝග කළේය.

සිද්ධියකට අදාළව හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු විසින් සැකකරු හඳුනාගැනීමෙන් පසු අධිකරණය මෙලෙස ඔහු යළි රිමාන්ඩ් බාරයට ගනු ලැබීය.