බොන වතුර ‘කපුරු‘ වගේ
මීගහකිවුලේ ජල මූලාශ්‍රවලින් සියයට 95කම ජලය බීමට නුසුදුසු යැයි මීගහකිවුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර අනුෂ්කා රාජපක්ෂ මහත්මිය එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේ දී කීවාය. ජල සාම්පල 322කින් බීමට සුදුසු ජලය ඇත්තේ නළ ළිං හතරක බව ද ඕ පැවසුවාය. මීගහකිවුල ගැබිනියන් සියයට 24ක් රක්ත හිනතාවයෙන් ද, සියයට 20ක් මන්ද පෝෂණයෙන් ද පෙළෙතියි වෛද්‍යවරිය සඳහන් කළාය.

