බොදුබල සේනා සාමාජිකයෝ මහනාහිමිවරු හමුවෙති


(සුජිත් හේවාජුලිගේ)

බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයෝ පිරිසක් අද (14) මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු හමුවූහ.

සිරදඬුවම් නියමව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විශේෂ පොදු සමාවක් ගැනීම සඳහා මැදිහත් වන්නැයි ඉල්ලීමට ඔවුන් මහනායක හිමිවරු  මෙසේ  හමුවූ  බව බොදුබල සේනා සංවිධානය පවසයි.