බේබද්දෝ පිස්සු කෙළිති
උතුරු මැද පළාත් සභා අය වැය ඡන්දය පැවති බ‍්‍රහස්පතින්දා මත් පැන් බී ගත් පිරිසක් තම නිල කාමරය අසල රැදී සිටි බවටත් තමාට බාධා කිරීමට එසේ කර ඇති බවට තොරතුරු ඇති බවත් උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතා කියයි.
එම පිරිස ජංගම දුරකතනද රැගෙන මහජන ගැලරියේ සිටි බවද කියති. එදින පළාත් සභාවේ ආරක්‍ෂාවට ප‍්‍රමාණවත් පොලිස් ආරක්‍ෂාව නොලැබුණු බවද ඔහු පවසයි.

