බෙඩ්ෆර්ඩ් බෞද්ධයන්ගේ සේවය අගයයි


උතුරු එංගලන්තයේ බෙඩ්ෆර්ඩ් නගරාධිපති ඩේව් හොග්ඩ්සන්  මහතා, එම නගරයේ ජීවත්වන බෞද්ධ බැතිමතුනට විශේෂ තේපැන් සංග්‍රහයක් පවත් වීය. මෙම  ප්‍රාන්තයේ සංවර්ධනය සඳහා බෞද්ධ ප්‍රජාව ඉටුකරන සේවය අගැයීමක් වශයෙන්  මෙම හමුව පත්වනු ලබන බව ඔවුන් පිළිගනිමින් හොග්ඩ්සන් මහතා කීවේය. බෙඩ්ෆ්ර්ඩ් නගරයේ ශ්‍රී ලාංකික,ඉන්දියා,බුරුම,චීන, තායිලන්ත, වියට්නාම  සහ යුරෝපීය බෞද්ධයෝ විශාල පිරිසක් ජීවත්වෙති. අකුරල සමිත හිමියන්ගේ මුලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ලේච්වර්ත් ධම්ම නිකේතනය මූලිකත්වය ගනී. බෙඩ්ෆර්ඩ් අන්තර් ආගමික සහයෝගිතා සහ අධ්‍යාපන උපදේශක මඩුල්ලේ සභාපති පදවියද සමිත හිමියන් දරන්නේය. බුදුන්වහන්සේගේ ධර්මය තුලින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හැඩගැසී ඇති අන්දම විස්තර කරමින් සමිත හිමියෝ එහිදී  දේශනයක් පැවැත්වූහ. උත්සවය අවසානයේ ධම්ම නිකේතනය මගින් පලකරඇති පොත්පත් සියල්ලගේම පිටපත් නගරාධිපතිවරයා වෙත පරිත්‍යාග කළ අතර ඒවා නගරසභා පුස්තකාලයේ තැන්පත් කරන බවට නගරාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.