බූස්ස බන්ධනාගාරයේ සඟවා තිබු හෙරොයින් ජංගම දුරකතන අත් අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)
 
බුස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටින විශේෂ කාර්ය  බලකායේ නිලධාරින් විසින් සිදු කරන ලද  සෝදිසි මෙහෙයුමකදි බන්ධනාගාරයේ විශේෂ ඒකකයේ ඩී.01වාට්ටුවේ සඟවා තිබු හෙරොයින් ග්‍රෑම් 7ක් ජංගම දුර කතනයක් ,දුර කතන බැටරි 3ක් චාජර් 3ක්, දුර කතන අංක සහිත කුඩා පොතක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
 
මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.