බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට සිරකුටිවලින් පිටත රැඳි සිටීමට අවසර


(ජයන්ත සමරකෝන්)

බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසට උදෑසන සහ සවස පැය දෙක බැගින් සිරකුටිවලින් පිටත සිර වාට්ටුවේ රැඳී සිටීමට අවසර ලබාදී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිසට වෙලේසුදා , කංජිපානි ඉම්රාන් , කොස්ගොඩ තාරක , පොඩි ලැසි , බ්ලුමැන්ඩල් සංඛ ,ඌරුජුවා,මර්වින් රානා, ගණේමුල්ලේ සංජීව ඇතුළු විශේෂ ගණයේ රැඳවියෝ 14 දෙනෙකු ඇතුළත් වෙති.

තමන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් හිරිහැර සිදුවන බවට මොවුහු ඉකුත් 9 වැනිදා ආහාර වර්ජනය කරමින් ආරම්භ කළ උපවාසය ඉකුත්දා අත්හිටවනු ලැබුවේ සිය ඉල්ලීම් වලට විසඳුම් ලැබීම හේතුවෙනි.

තනි සිරකුටි 14 ක දැඩි ආරක්ෂාව සහිතව රඳවා සිටි මෙම රැඳවියන් සිරකුටි වලින් ඉවතට ගනු ලැබ ඇත්තේ ව්‍යායාම්වලට පමණි.